අලුත් අවුරුද්දේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියෙන් 35,000ක්.!

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

එම ආරක්ෂක වැඩපිළිවෙල සඳහා පොලිස් නිලධාරීන් 35,000කට අධික පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේය.

විශේෂයෙන් ජනතාව බහුලව ගැවසෙන නගර ආශ්‍රිතව සිවිල් ඇඳුමෙන් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද යෙදවීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා රථ වාහන රාජකාරී නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරීන් 6,000ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *