යෝෂිතට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා.. ලබන සතියේ අධිචෝදනා ගොනුකරනවා.! – නීතිපති කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බැවින් ලබන සතියේදී ඔහුට නිල වශයෙන් චෝදනා ගොනුකිරීමට ඉඩ ඇති බව නීතිපති පාරින්ද රණසිංහ පවසයි.

“මම පසුගිය සතියේ නාමල් රාජපක්ෂට චෝදනා ගොනුකළා. යෝෂිත රාජපක්ෂට විරුද්ධව සාක්ෂි තිබෙන නිසා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මම පොලිසියට නියෝග කළා. අධිචෝදනා නියෝගය ලබන සතියේ හෝ ඉතා ඉක්මණින් නිකුත් කරනු ඇත” යනුවෙන් නීතිපතිවරයා Sunday Morning වෙත පවසා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ඉකුත් දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප නියම කෙරිණි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහුව රුපියල් මිලියන 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියේ විදේශ ගමන් තහනමක් ද පනවීමෙන් අනතුරුවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *