Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදවමින් නවසීලන්තය කණ්ඩායම කුළුදුල් ලෝක කුසලානය දිනා ගනී

By News Team on June 24th, 2021 in Sport

ICC විසින් පළමුවරට සංවිධානය කරනු ලැබූ ICC ටෙස්ට් ශුරතාවලියේ ශුරයින් ලෙස ඉතිහාසගත වීමට නවසීලන්තය ඊයේ (23) සමත් වුණා.

ඒ, ඉන්දියාවට එරෙහිව එංගලන්තයේ සවුත්හැම්ටන්හි පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින්.

තරගය ජය ගැනීම සදහා නවසීලන්තයට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 139ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පසු කර ගියේ කඩුලු 2ක් දැවී සිටියදීයි.

නායක කේන් විලියම්සන් නොදැවී ලකුණු 52ක් සහ රෝස් ටේලර් නොදැවී ලකුණු 47ක් ලබා ගත්තා.

ඩෙවෝන් කොන්වේ ලකුණු 19යි.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

තරගයේ 6 වන හා අවසන් දිනය වූ අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 2ක් දැවී ලකුණු 64ක් ලබා සිටි නමුත්, ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 170ක් පමණයි.

රිෂාබ් පාන්ට් ලකුණු 41ක් සහ රෝහිට් ෂර්මා ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 4ක් සහ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3ක් දවා ගත්තා. කයිල් ජමිසන් බිද හෙලු කඩුලු ගණන 2ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 217ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය ලකුණු 249ක් රැස් කළා.

ශූරතාවය දිනා ගත් නවසීලන්තයට ලෝක ටෙස්ට් ශූරතා සෙන්කෝලය සමග හිමි වූ මූල්‍ය ත්‍යාගය අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක්.(රුපියල් කෝටි 31ක්)

අනුශූරතාවය දිනා ගත් ඉන්දියාවට හිමිවූ මුදල අමෙරිකානු ඩොලර් 800,000ක්.

මෙය නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ සාර්ථකම කඩුලු රකින්නා ලෙස සැලකෙන බී.ජේ වොට්ලින් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගය වීම ද විශේෂත්වයක්.

රටවල් 9ක් තරග වැදුණු 2019 – 2021 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාවට හිමි වූයේ 7 වැනි ස්ථානයයි.