Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයම දින 07කට වසා දැමේ

By News Team on August 14th, 2021 in International

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයම අද (14) පස්වරු 05 සිට ක්‍රියාත්මක වන ලෙස දින 07කට වසා දමා තිබෙනවා.

ඒ කොරෝනා ඩෙල්ටා වෛරස ප්‍රභේදය පාලනයකින් තොරව පැතිරීම හේතුවෙන්.

රැකියාවට පිටත්ව යෑම සහ එන්නත ගැනීම වැනි ප්‍රධාන කරුණු 04කට හැර නිවාසවලින් පිටතට යාම මේ අනුව තහනම් වනු ඇති.

තවද සියලු පාසල් වසා දමා දුරස්ථ අධ්‍යාපන ක්‍රම යටතේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ.

ගත වූ පැය 24 දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් නව කොරෝනා ආසාධිතයින් 466 දෙනෙක් හඳුනාගෙන ඇති අතර එය සැලකෙන්නේ එක් දිනකදී ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාධිතයින් ගණන ලෙසයි සැලකෙන්නේ.

ඊට අමතරව ප්‍රාන්තයේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් ලබන සඳුදා සිට මාර්ග බාධක සංඛ්‍යාව ඉහළ දැමීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත්තේ.

ප්‍රාන්තය තුළ නිරෝධායන රෙගුලාසි කඩ කරන පුද්ගලයන්ට ඩොලර් 5000 ක දඩයක් නියම කෙරෙන අතර එය මේ වන විට පවතින දඩයට වඩා ඩොලර් 1000ක වැඩවීමක් ලෙසයි වාර්තා වන්නේ.