Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

උසස් අධ්‍යාපන ශිෂ්‍යයන් සඳහා තලේබාන් සංවිධානයෙන් අලුත් නීති මාලාවක්

By News Team on September 13th, 2021 in International

උසස් අධ්‍යාපන ලබන ශිෂ්‍යයන් සඳහා තලේබාන් සංවිධානය විසින් නව නීති මාලාවක් පනවා තිබෙනවා.

මේ අනුව පිරිමි ළමුන් වෙනම අධ්‍යාපන හැදෑරිය යුතු අතර නව නිල ඇඳුමක් හඳුන්වා දීමට නියමිතයි.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන්ට වෙනම විෂය මාලාවක් ද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

කෙසේ වෙතත් 1996 සිට 2001 අතර කාලයේ ඇෆ්ඝනිස්ථානයේ පැවැති තලේබාන් පාලනය යටතේ කාන්තාවන්ට අධ්‍යාපන මෙන්ම රැකියා කිරීමද සහමුළුන්ම තහනම් කර තිබුණා.

නමුත් මෙවර එය යම්තාක් දුරකට ලිහිල් කර ඇති ආකාරයක් දක්නට තිබෙනවා.