Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නව ජනමාධ්‍ය ඇමතිගෙන් පාසල් දරුවන් වෙනුවෙන් පොරොන්දුවක්

By News Team on August 17th, 2021 in Local

කොරෝනා ව්‍යසනය හමුවේ පාසල් අධ්‍යාපනය අහිමි වු දරුවන් වෙනුවෙන් සති දෙකක් තුළ රූපවාහිනි නාළිකා ආරම්භ කරන බව නව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

එම ක්‍රියාවලිය සදහා තමා ප්‍රමුඛත්වය දෙන බවයි ධුරයේ වැඩ භාර ගැනිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිළධාරින් සමගද ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (16) සාකච්ඡාවක් පැවැත්වුවා.