Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජාතික සඳුන් උයන අගමැතිගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට

By News Team on July 20th, 2021 in Local

බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ඉදිකරනු ලැබූ ජාතික සඳුන් උයන අද (20) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරෙනවා.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 9ක භූමි ප්‍රමාණයක මෙම සඳුන් උයනෙහි ඉදිකිරීම් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් පසුගිය වසරේ ආරම්භ කළ අතර, එහි රත් හඳුන් ශාඛ 300ක් සහ සුදු හඳුන් ශාඛ 900ක් රෝපණය කර තිබීම විශේෂත්වයක්.

උයනේ රෝපිත ශාඛ වඩා ආරක්ෂා වීම සඳහා පොළොව මට්ටමේ සිට අඩි 2ක් පමණ උස පස් පීඨිකාවක මැද සිටුවා තිබෙනවා.

ව්‍යායාම් කිරීම, යෝග වැඩසටහන් පැවැත්වීම, විවිධ භාවනා වැඩසටහන් සිදුකිරීමට සුදුසු පරිසරයක් ද මෙහි නිර්මාණය කර ඇති අතර, රජ දවසින් පසු රාජ්‍ය අනුග්‍රහය යටතේ ඉදිවන පළමු ජාතික සඳුන් උයන මෙය බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කළේ.