Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පෞද්ගලික අංශයේ ජාතික අවම වැටුප ඉහළට

By News Team on July 8th, 2021 in Local

මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමට අදාළ සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන පනත් කෙටුම්පත කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

ඒ අනුව දැනට පවත්නා අවම මාසික වැටුප රුපියල් 10,000 සිට රුපියල් 12,500 දක්වා සහ අවම දෛනික වැටුප රුපියල් 400 සිට රුපියල් 500 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි.

මෙම නීති කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පනවා ඇති කිසිදු තහනමකට හෝ සීමා කිරීමට යටත් නොවන බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවට නීතිපතිවරයාගේ ව්‍යවස්ථාපිත සහතිකය යොමු කර ඇති බවත් ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කිරීම පිළිබඳවත් කාරක සභාවේ අවධානයට යොමු වී තිබෙනවා.