Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව අද සිට ඇරඹේ

By News Team on October 25th, 2021 in Local

තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද (25) සිට නැවත අරඹ වනවා.

නිවේදනයක් නිකුත් කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය කියා සිටින්නේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් දිනයක් සහ වේලාවක් වෙන්කර ගන්නා ඉල්ලුම්කරුවන් සඳහා සේවාව ලබාදෙන බවයි.

සීමිති සේවාලාභීන් පිරිසකට බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ ගාල්ල දකුණු පළාත් කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ එලෙස ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට නියමිත බවයි.

මේ වනවිට සාමාන්‍ය සේවා යටතේ ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා අංක වෙන්කර ගත් ඉල්ලූම්කරුවන් සඳහා ද නියමිත දිනයේදී දෙපාර්තමේන්තුව වෙත පැමිණ තම ජාතික හැඳුනුම්පත ලබා ගත හැකියි.