Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මියන්මාරයේ හදිසි නීතිය තවත් වසරකින් දීර්ඝ කෙරේ

By News Team on August 2nd, 2021 in International

මියන්මාරයේ හදිසි නීතිය තවත් වසරකින් දීර්ඝ කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එරට පාලක හමුදා පාලන අංශය සඳහන් කළේ ලබන වසරේ අගෝස්තු මාසය තෙක් එය බල පැවැත්වෙනු ඇති බවයි.

පසුගිය පෙබරවාරි මාසයේ හමුදා කුමන්ත්‍රණයකින් එරට පාලන බලය පැහැර ගැනුනා.

එහිදී ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුචී එරට හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම කුමන්ත්‍රණයට එරෙහි වූ විරෝධතාකරුවන් සිය ගණනක් හමුදා ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ මරණයට පත් වුණා.