Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මගේ මීළඟ බලාපොරොත්තුව ලෝක ශුරතා තරඟාවලියේ ලෝක වාර්තාව අලුත් කිරීමටයි – රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත

By News Team on September 8th, 2021 in Sport

ලෝක ශුරතා තරඟාවලියේ ලෝක වාර්තාව අලුත් කරමින් යළිත් රන් පදක්කමක් දින ගැනීම සිය මීළඟ බලාපොරොත්තුව පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් පවසනවා.

ඊයේ (07) කටුනායක ගුවන් තොටුපොළේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ තමාට ඉන්දීය ක්‍රීඩකයා ප්‍රබල අභියෝගයක් වූ බවයි.

මේ අවස්ථාවට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා මෙහිදී සඳහන් කලේ පැරාලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයන් 15 දෙනෙකු අතරින් ලෝක මට්ටමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් 07 දෙනෙකුට, මෙම පදක්කම්ලාභීන්ට දෙදෙනාට, ඔවුන්ගේ පුහුණුකරුවන්ට එළඹෙන 10 දින රුපියල් මිලියන 105 ක ත්‍යාග ප්‍රදානයක් සිදු කරන බවයි.