Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විකෘතිභාවය වැඩි නව වෛරස් ප්‍රභේදයක් සොයා ගනී

By News Team on August 30th, 2021 in International

නව කොරෝනා වෛරස ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගෙන තිබෙනවා.

මෙම නව ප්‍රභේදයේ විකෘතිභාවය වැඩි බවයි වාර්තා වන්නේ.

එරට සෞඛ්‍යය අංශ ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම නව ප්‍රභේදය කොරෝනා එන්නත්වලින් ලබාදෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යනු ඇති බවයි.

C.1.2 යනුවෙන් හඳුන්වනු ලබන මෙම නව ප්‍රභේදය මේ වසරේ මැයි මාසයේ දී හඳුනා ගැනුණා.

එය චීනය, එංගලන්තය, කොංගෝ රාජ්‍යය, මොරිෂස්, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විස්ට්ර්ලන්තය වැනි රටවලින් ද වාර්තා වී තිබෙනවා.

මෙම නව වෛරස ප්‍රභේදය ඇල්ෆා, බීටා සහ ගැමා වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව කෙටි කාලයක් තුලදී වේගවත් විකෘති භාවයක් පෙන්නුම් කරනු ලබන බවටයි විද්‍යාඥයින් තහවුරු කර ඇත්තේ.

කෙසේවෙතත් මේ වන විට ලොවපුරා වේගවත් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට වඩා නව විකෘති ප්‍රභේදය භයානක වනු ඇත්ද යන්න සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීමට තවදුරටත් පර්යේෂණ සිදුකිරිමට අවශ්‍යය බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.