Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මැති ඇමති තුමෝ නිවාඩුව සමරන්න සතුටින් රට සවාරි යාම අරඹයි

By News Team on December 11th, 2021 in Local

අයවැය නිමාවෙන් පසු ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැති ඇමතිවරුන් ගණනාවක් මෙන්ම රජයේ ඉහල පෙලේ නිලධාරින් විදේශගත වීම සඳහා සූදානම් වෙමින් සිටිනවා.

වසර අවසාන දීර්ඝ නිවාඩුව ගත කිරීම සඳහා ඔවුන් යුරෝපා, ඇමරිකා, ඕස්ට්‍රේලියා, නවසීලන්ත වැනි ගමනාන්තයන් තෝරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් බොහෝ දෙනෙකුගේ දුවා දරුවන් ඒවායේ ඉගෙන ගැනීම හෝ පදිංචි වී සිටීම සහ එම රටවල නිවාඩු කාලය එළඹී තිබීම ද ඊට හේතුවක් වී තිබෙනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ අයවැය අවසන් වීමෙන් පසු නැවත පාර්ලිමේන්තුව කැදවන්නේ ජනවාරි මස 11 වැනිදායි.