Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

බස්නාහිර පළාතේ 30ට වැඩි ජනතාවට විහාර මහා දේවි උද්‍යානයේ එළිමහන් රංග පිඨයේ දී ලබාදීම අද

By News Team on July 15th, 2021 in Local

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි ජනතාව සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් විසින් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ දී ලබාදීම අද (15) ආරම්භ වනවා.

නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කළේ පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා එය සිදු කෙරෙන බවයි.

එන්නත ලබාගැනීම සඳහා පැමිණෙන බස්නාහිර පළාතේ පදින්චිකරුන් පදිංචිය සහතික කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, විදුලි බිල්පතක්, දුරකථන බිල්පතක් හෝ ඡන්ද නාමලේඛනයේ ග්‍රාම නිලධාරීන් විසින් සහතික කරන ලද පිටපතක් රැගෙන යා යුතු බවයි.

මේ අතර යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වේරහැර පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කඳවුරේ එන්නත්කරණ මධ්‍යස්ථාන ද අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ බත්තරමුල්ල දියත උයනේ උයනේ ක්‍රියාත්මක කරනු ලැබූ එන්නත්කරණ මධ්‍යස්ථානය අද (15) සිට තාවකාලිකව ක්‍රියාත්මක නොවන අතර එම මධ්‍යස්ථානය ලබන සඳුදා උදෑසන 08.30ට ලබන බදාදා ක්‍රියාත්මක වීමට නියමිතයි.