Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මාව ඉවත් කරන්න අමාත්‍යාංශයට බලයක් නැහැ – පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්

By News Team on November 23rd, 2021 in Local

තමා විසින් ඊයේ (22) දිනයේ දී නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළේ 2018 වසරේ දී එවකට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජයකොඩිආරච්චිගේ සුමිත් මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ යම් ප්‍රමාදයක් හේතුවෙන් ගැසට් නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද වී තිබු බවයි.

තමා නිත්‍යානුකූල නොවන කිසිඳු ක්‍රියාවක් සිදුකර නොමැති වීම හේතුවෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධූරයෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට කිසිඳු බලයක් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.