Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රාජ්‍ය ඇමතිවරයෙක් මත්වී පිස්තොලයෙකුත් අරං මිතුරන් සමඟ එල්ලුම් ගහ බලන්න ඕන කියා යකා නටයි

By News Team on September 13th, 2021 in Gossip

රාජ්‍ය අමාත්‍යවරයෙකු සිය මිතුරන්ට එල්ලුම් ගහ බැලීමට අවශ්‍යය අව කියමින් බීමතින් බලහත්කාරයෙන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ඇති බව ‘ද මෝර්නින්’ පුවත්පත අනාවරණය කර තිබෙනවා.

ඇමතිවරයාගේ මිතුරන් ද බීමතින් සිටි බවත්, ඔවුන් බොහෝ දෙනෙක් කොට කලිසම් ඇඳ සිටි බවත් රාජ්‍ය ඇමතිවරයා පිස්තෝලයක් අතේ තබාගෙන සිට ඇති බවයි එම පුවත්පත පෙන්වා දෙන්නේ.

ඔවුන් කෙතරම් බීමත්ව සිටියේද යත් ඇතැමුන් බිම ඇද වැටී ඇති බවද පුවත්පත වාර්තා සඳහන් කරනවා.

මෙම පිරිස නැවැත්වීමට උත්සාහ කළ බන්ධනාගාර නිලධාරීන්ට මෙම පිරිස වාචිකව බැන වැදී ඇති බවද පුවත්පත වැඩිදුරටත් හෙළි කරනවා.

කෙසේ වෙතත්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ මෙම සිදුවීම පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවකි.