Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අනුරපුර බන්ධනාගාරයේ ඇමති නාමල් අද විශේෂ සංචාරයක

By News Team on September 16th, 2021 in Local

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුර බන්ධනාගාරයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුරාධපුරය බන්ධනාගරයේ රඳවා සිටින ද්‍රවිඩ ජාතික සිරකරුවන් 11 දෙනා හමුවීම සඳහායි.

මෙම හමුව සඳහා අමාත්‍යවරයා සහභාගී වන්නේ එම සිරකරුවන්ගේ ඉල්ලීම මත බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් හිටපු, බන්ධානගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධානාගරයේ සිටින ද්‍රවිඩ ජාතික සිරකරුවෙන් දෙදෙනෙකු දණගස්වා, හිසට පිස්තෝලය එල්ල කරමින් මරණ තර්ජනය කිරීමේ සිදුවීම මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා අවධානයට යොමුව තිබෙනවා.