Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ නිකුත් කළ ගල්යිෆෝසෙට් ඇතුළු වල් නාශක ගැසට්ටුව ඇමති මහින්දානන්ද රිවර්ස් කරයි

By News Team on November 23rd, 2021 in Exclusive Story

ගල්යිෆෝසෙට් වල් නාශක තහනම ඉවත් කිරීම හේතුවෙන් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ රජයේ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහු පිළිබඳ පරීක්ෂණයක් ද සිදුකරන බවයි.

ඊයේ (22) දිනයේ ගල්යිපොසේට් ඇතුළු පලිබෝධනාශක 5ක තහනම් කරමින් 2014 වසරේ දී නිකුත් කර තිබු ගැසට් නිවේදනය පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අවලංගු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (22) දිනයේ නිකුත් කළ ගැසට් නිවේදනය අද (23) දිනයේ ඉවත් කරගන්නා බවයි.