Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රටේ ණය ප්‍රමාණය මෙන් තුන් ගුණයක ආදායමක් ගෙන එන්න ඇමති ගම්මන්පිල සුදානම් වෙයි

By News Team on September 8th, 2021 in Local

මන්නාරම දේ‍රා්ණියේ ඇති ඩොලර් බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන් ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඔහු කියාසිටියේ මෙම තෙල් සහ ගෑස් කැපීම් සිදු කරන ආයෝජකයන්ට 50% ක කොටස් දුන්නද ඩොලර් බිලියන 133.5 ක් රජයට හිමිවන බවයි.

එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩොලර් බිලියන 47 මෙන් තුන් ගුණයකට ආසන්න බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම ඇතුලු ඛනිජතෙල් සම්පත් ගවේශන කටයුතු නියාමනය සහ කළමනාකරණය කරමින් වඩාත් විධිමත් කිරීම සදහායි මෙම කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ.

මන්නාරම් ද්‍රෝණියේ ඇති ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120 ක් ක්‍රියා කළ හැකි බවත් එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143 ක් ක්‍රියාත්මක කළ හැකි බවත් ගම්මන්පිල මහතා පෙන්වා දෙනවා.