Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඇමති දිනේෂ් GMOA යෝජනා රැසකට අනුමැතිය

By News Team on October 27th, 2021 in Local

වෛද්‍ය සහ මූලික උපාධි වයස ප්‍රශස්ථ කිරීම සහ ක්ලිනිකල් ට්‍රැවල් මෙඩිසින් පශ්චාත් වෛද්‍ය උපාධිය ස්ථාපනය කිරීම සඳහාවන යෝජනාවලියට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අනුමැතිය පළ කල බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසනවා.

සංගමයේ විධායක සභාවේ නිළධාරින් හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකදියි මෙම අනුමැතිය හිමිව ඇත්තේ.

උසස් අධ්‍යාපනය අවසන් කරන වයස ප්‍රශස්ථ කිරීම සඳහා වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනාවලියද අධ්‍යාපන අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා.

වෛද්‍ය උපාධිය වයස අවුරුදු 22 වන විට අවසන් කර සීමාවාසික පුහුණුව අවුරුදු 23 වන විට ලබා ගත හැකි ලෙසත්, අනෙකුත් මුලික උපාධීන් වයස අවුරුදු 20 වන විට ලබා දීම සම්බන්ධවත් වන ක්‍රමවේදය එම විස්තරාත්මක යෝජනාවලියේ ඇතුලත්.

ඒ සඳහා සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදි පැවැත්වීමටත්, උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමටත්, විභාග ප්‍රතිඵල ලබා දීමේ ප්‍රමාදය නැති කිරීමටත්, අවුරුදු 18 වන විට විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා දීමටත් කටයුතු කිරීම පිළිබඳව යෝජනා රැසක් එහි අන්තර්ගතයි.

එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන මහතා එකගතාවය පලකර ඇති අතර, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය හා කාල වකවානුව තීරණයට විද්වත් කමිටුවක් පිහිටුවීමටද එකගතාවය පළවු බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනය කළේ.