Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇමති බන්දුලට කතරගම සතොසේදී කාන්තාවකගෙන් හොඳටම අහගනී

By News Team on January 31st, 2022 in Exclusive Story

කතරගම සතොස වෙළඳ සැලේ අඩුපාඩු ගැන සොයා බැලීමට ගිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට අකරතැබ්බයකට මුහුණ දී තිබෙනවා.

සතොස වෙළඳ සැලට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි කාන්තාවක් අමාත්‍යවරයාට දොස් නඟමින් පවසා ඇත්තේ ඇමතිවරයා රූපවාහිනියෙන් කියන කිසිවක් සතොසේ මිලදී ගැනීමට නොමැති බව පවසමින් දොස් නගා ඇති බවයි.

අමාත්‍යවරයාට සැර පරුෂ වච්චනයෙන් බැන වැදුණු කාන්තාව “බොරුවට එනවා බලන්න. හාල් තියෙනවද? කියන දේවල් කරනවාද? මිනිසුන්ට කන්නවත් නැහැ කියා එම කාන්තාව බැන වැදී තිබෙනවා.

අදාළ අවස්ථාවේ අමාත්‍යවරයා ප්‍රකාශ ඇත්තේ රටේ පවතින වාතාවරණය හමුවේ මෙසේ හෝ භාණ්ඩ ලබාදීම සම්බන්ධයෙන් සතුටු වෙන ප්‍රකාශ කර ඇති බවයි.

එම ප්‍රකාශය කරනවාත් සමඟ බන්දුල අමාත්‍යවරයා අදාළ වෙළඳ සැලෙන් ඉවතට පැමිණ තිබෙනවා.