Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මෙල්බර්න් නුවර ලොක්ඩවුන් තත්ත්වය ඉවතට

By News Team on October 22nd, 2021 in International

දින 260කට ආසන්න කාලයක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පැවැති ලොක්ඩවුන් තත්ත්වය ඉවත් කර තිබෙනවා.

මෙල්බර්න් නගරය සැලකෙන්නේ ලොව වැඩිම කාලයක් ලොක්ඩවුන් කර තැබූ නගරය ලෙසයි.

කොරෝනා වෛරසය තත්ත්වය ඉහළ යාම සමඟ අවස්ථා 06කදී දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වුණා.

මෙලෙස සංචරණ සීමා ඉවත් කිරීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කළේ මෙල්බර්න් නගරය සහ වික්ටෝරියා ප්‍රාන්තය පුර්ණ එන්නත්කරණයට ලක් කළ ප්‍රතිශතය සියයට 70 සීමාව ඉක්මවා යාමත් සමඟයි.

මේ අතර ලබන මස 1 වනදා සිට විදේශයන්හි සිට වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන පුර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට නිවාස හෝ හෝටල් නිරෝධායන රෙගුලාසි බල නොපැවැත්වෙන බව වාර්තා වනවා.

ප්‍රාන්ත අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රාන්තයට පැමිණෙන පුද්ගලයන් පැය 24ක් යාමට පෙර ලබාගත් සෘණාත්මක PCR වාර්තාවක් රැගෙන ආ යුතු බවයි.

කෙසේ වෙතත් එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන් නිවාස හෝ හෝටල් නිරෝධායන රෙගුලාසි අඛණ්ඩව බලපැවැත්වෙනු ඇති.