Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මාධ්‍ය වාර්තා බොරු – මම අස් කළේ නෑ අස් වුණා – රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

By News Team on September 16th, 2021 in Local

බන්ධනාගාරයට ඇතුළු වී තමා විසින් සිදුකලා යැයි පලවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ලොහාන් රත්වත්තේ මහතා කියා සිටින්නේ රජය අපහසුතාවයට පත්වීම හමුවේ ඉල්ලා අස්වූ බවයි.

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන් හිදී හටගත් සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ මහතා අදාල රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වුයේ ඊයේ (15) දිනයේදියි.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියකු බීබීසී පුවත් සේවය වෙත තහවුරු කර ඇත්තේ ඉතාලියේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එරට සිට දුරකතයෙන් ලොහාන් රත්වත්තේට අමතා රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන්නැයි දැනුම් දුන් බවයි.

සිරකරු දිනය යෙදුණු සැප්තැම්බර් 12 වැනිදා පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමැතිවරයෙකු පිස්තෝලය පෙන්වා සිරකරුවන් දණගස්වා ඇති සිද්ධියක් පිළිබඳව ද්‍රවිඩ ජාතික මහජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් මහතාද තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අනාවරණය කර තිබුනා.

ලොහාන් රත්වත්තේ මහතා මැණික් කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇති.