Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මොනරාගේ අණසකට මව්බිම යටවන ලකුණු

By News Team on December 10th, 2021 in Gossip

සුබාෂ්කරන් අලි රාජා මහතාට අයත් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට අයත් මව්බිම පුවත්පත සමඟ ඉදිරියේ එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ස්වර්ණවාහිනී අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටින්නේ මේ සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ මුලික එකඟතා සියල්ලට පැමිණ ඇති බවයි.

මේ අනුව මෙරට පුවත්පත් මාධ්‍යයක් හිමිකරගත් දෙවැනි රුපවාහිනී මාධ්‍ය ජාලය බවට ස්වර්ණවාහිනිය පත්වෙනු ඇති.

මීට පෙර මව්බිම පුවත්පත තමන් සතු කර ගැනීම සඳහා සිරස මාධ්‍ය ජාලය ද උත්සහ දැරුවද එය සාර්ථක වුයේ නැහැ.