Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මෙඩේරිගම ජාතික පාසලට පැනලා චන්ඩි පාර්ට් දැම්මා මාවනැල්ල උප සභාපති අත්අඩංගුවට

By News Team on November 10th, 2021 in Local

ගුරු විරෝධතාවයක් අතරතුරදී මාවනැල්ල මෙඩේරිගම ජාතික පාසලට බලහත්කාරයෙන් ඇතුලුවූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 03 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද (10) මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති විසින් පසුගියදා පොලිස්පතිවරයා වෙත ද පැමිණිලි කර තිබුණා.