Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් නාමය වෙනස් කිරීමට සුදානම් වෙයි

By News Team on October 20th, 2021 in Gossip

ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාගම සිය නාමය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

ලබන 28 වනදා පැවැත්වෙන සමාගමේ වාර්ෂික සමුළුවේදී ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් නිල වශයෙන් එළි දක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නව නාමය කුමක්ද දැයි මේ දක්වා කිසිඳු ඉඟි පළ වී නොමැති බවයි.

වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් ඇතුළු සමාජ ජාල කිහිපයක් හිමිකාරීත්වය ඇත්තේ එකම සමාගමකටයි.

කෙසේ වෙතත් පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය නිසි පරිදි ආරක්ෂා නොකිරීමත් වරින්වර සේවා බිඳ වැටීමත් හමුවේ පසුගිය සතියේදී ඔවුන්ගේ කොටස් වෙළඳපොළ වටිනාකමද කැපී පෙනෙන ලෙස පහළ ගියා.