Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

භාරතයම වසඟයට ගත් මැණිකේ යළි දිවයිනට – (VIDEO)

By News Team on October 13th, 2021 in Local

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වසඟ කළ ශ්‍රී ලාංකීය නව පරපුරේ ගායන ශිල්පිනී යොහානි ද සිල්වා සිය ඉන්දීය සංචාරය නිම කරමින් දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය ඊයේ (12) රාත්‍රී 11.25ට පමණ ඉන්දියාවේ මුම්බායි නගරයේ සිට දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී යොහානි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ තමාට එහිදී හොඳ ප්‍රතිචාරයක් ලැබුණු බවයි.

ඇය ඉන්දියාවේ සති දෙකක කාලයක් ඉන්දියාවේ රැඳී සිටමින් සංගීත ප්‍රසංග කිහිපයකට එක්වුණා.