Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකුගේ බාධා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

By News Team on June 28th, 2021 in Local

මහියංගණය ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු මහියංගනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහියංගන පොලීසිය සඳහන් කළේ ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ නමක් කොරෝනා ආසාධිත වී ඇති අතර උන්වහන්සේගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමේදී මෙලෙස රාජකාරියට බාධා කිරීම සිදුකර ඇති බවයි.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.