Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

By News Team on September 9th, 2021 in Local

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තිබූ දත්ත මැකී යාමේ සිද්ධියට අදාළව එම දත්ත කළමනාකරණය කළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මහරගම පදිංචි 40 හැවිරිදි සැකකරු අද (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුවයි ඊයේ (08) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත ගොනු කිහිපයක් මැකී ගොස් තිබුණේ ඉංජිනේරුවකුගේ අත්වැරදීමකින් බවත්, පද්ධතියට ඇතුලුවීමට අවසර ලද පසු අදාළ දත්ත යළි ප්‍රතිස්ථාපනය කළ හැකි බවත් එම අධිකාරියේ මෘදුකාංග පද්ධතිය භාර සමාගම මීට පෙර සඳහන් කර තිබුණා.