Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මහින්දානන්ද අගමැතිගෙන් කණ පිරෙන්න අසා ගනී

By News Team on November 1st, 2021 in Exclusive Story

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දැඩි ස්වරයෙන් දොස් පවරා ඇති බව වාර්තා වනවා.

අගමැතිවරයා මෙලෙස අමාත්‍යවරයා වෙත දොස් පවරා ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුකදී සිදුකළ ප්‍රකාශයකට බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර තොගය භාර නොගන්නා බව අගමැතිවරයා චීන තානාපතිවරයාට දැනුම් දුන් බවට අමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශයට විරුද්ධවයි අගමැතිවරයා මෙම විරෝධය පළකර ඇත්තේ.

තමන් සහ චීන තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී එවන් කිසිදු අදහසක් පළ කර නැති බව ද අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇති බව වාර්තා වනවා.

එම හමුවේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු තිබුණේ චීනයෙන් ලංකාවට ලබාදීමට නියමිතව තිබුණා ණය මුදලක් සම්බන්ධයක් ඇති බවත් පොහොර පිළිබඳ කාරණය සොයා බලා නැවත සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයා සමඟ සඳහන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.