Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනුවෙන් පුහුණුකරුවෙක් වෙන්න කැමැත්ත පළ කරයි?

By News Team on July 9th, 2021 in Sport

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය තමාහට භාර ගැනීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ඕනෑම රටක ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාර ගැනීමට තමා සුදානම් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එහිදී මහේල සඳහන් කර ඇත්තේ පුහුණුකරුවෙක් ලෙස තමා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන්නේ සති තුනක කාලයක් සඳහා පමණක් බවයි.

දැනටමත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස සහාය ලබාදීමට සුදානම් බව පවසන ඔහු මේ වන විටත් අදාළ කටයුතු සිදු කරමින් සිටින බවයි ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් 19න් පහළ කණ්ඩායම සමඟ වැඩි කාලයක් කටයුතු කිරීමට මහේල සුදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්හට දන්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.