Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මහේල ජයවර්ධන යළිත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ එක්වෙයි

By News Team on December 13th, 2021 in Sport

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරණ උපදේශක ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

ලබන ජනවාරි පළමුවනදා සිට එය බල පැවැත්වෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.

වසරක කාලයක් සඳහා මෙම පත් කිරීම බලාත්මකයි.

ජාතික කණ්ඩායමේ සියලුම කටයුතු සඳහා මෙන්ම ක්‍රිකට් අධි දක්ෂතා මධ්‍යස්ථානයේ කටයුතු සඳහා උපදේශකත්වය සැපයීම මහේල ජයවර්ධනට පවරා තිබෙනවා.

නව තනතුර දැරුවද ලබන වසරේ පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය වෙනුවෙන් 19 න් පහළ කණ්ඩායම පුහුණුකිරීමේ වගකීමද ඔහුට පැවරී ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.