Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මහේලට 19න් පහළ කණ්ඩායමේ සහ ජාතික කණ්ඩායමේ වගකීම් පවරයි

By News Team on September 25th, 2021 in Sport

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ 19 න් පහළ කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස හිටපු ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

ඒ අනුව දැනට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ඔහු අයි පී එල් තරගාවලිය අවසන් වූ වහා එක්සත් අරාබි එමීර් හිදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග එක්වනු ඇති.

පන්දුවාර 20 ලෝක කුසලානයේ පළමු වටයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග මහේල ජයවර්ධන කටයුතු කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.

ඔක්තෝබර් 16 වනදා සිට 23 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව – අයර්ලන්තය සහ නෙදර්ලන්තයට එරෙහිව මූලික වටයේදී තරග වදින අතර එම කාලසීමාවේදී මහේල සිය අත්දැකීම් සහ උපායමාර්ගික සහය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමට නියමිතයි.

ලබන වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ උපදේශක ධුරයේ කටයුතු කිරීමටද මහේල ජයවර්ධන එකගවී තිබෙනවා.

මාස 05 ක් පුරා ක්‍රියාත්මක වන එය ගරු කටයුතු තනතුරක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ.