Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මෙරට ගෑස් මිල 85%කින් වැඩි වෙලා – BBC සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වෙයි

By News Team on January 30th, 2022 in Local

2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි වන විට ගෑස් මිල ගණන් 85%කින් ඉහළ ගොස් ඇති බව BBC ගුවන්විදුලිය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඔවුන්ගේ වාර්තාවට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයට සාපේක්ෂව ආහාර මිල ගණන් ද 20%කින් ඉහළ ගොස් ඇති බවයි.

දැනට ලෝකයේ ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් පිළිබඳ දැඩි පීඩනයට පත්ව සිටින රටවල් ගණනාවක් ගැන අදාළ සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ.

මෙම සමීක්ෂණය සඳහා අප්‍රිකානු රටවල්, තුර්කිය, බ්‍රසීලය, ශ්‍රී ලංකාව ඇතුළු භාණ්ඩ මිල පීඩනය දැඩි ලෙස වාර්තා වන රටවල් ගණනාවක් භාජනය කර තිබෙනවා.

අදාළ වාර්තාවේදී ඔවුන් පෙන්වා දී ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය කඩාවැටීම ඇතුළු හේතු ගණනක් නිසා ශ්‍රී ලංකාවේ සහල්, තිරිඟු පිටි, කිරිපිටි ආදියේ අධික මිල සහ හිඟය ජනතාවට තදින් බලපා ඇති බවයි.

එම සමීක්ෂණ වර්තාවේදී වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් නැග එන ජනතා අප්‍රසාදය මර්දනය සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් කෝටි 100ක සහන පැකේජයක් පසුගියදා ජනතාවට ලබාදුන් බවයි.