Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලිට්‍රෝ ගෑස් සමාගම ගෙන්වන ලද ප්‍රමිතිය ඇත – එත් ගන්ධය නැතිලු

By News Team on December 14th, 2021 in Local

ලිට්‍රෝ සමාගම ගෙන්වන ලද ගෑස් තොගයේ ගන්ධය දැනගත හැකි එතිල් මර්කැප්ටන් රසායනික නියමිත ප්‍රමාණයට නොමැති බව අනාවරණය වී තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ කොළඹ වරායේ නැංගුරම්ලා ඇති එම නැවෙහි ඇති ගෑස් මෙරටට ගොඩ බාන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (14) දිනයේදී තීරණයක් ගැනීමට නියමිත බවයි.

පසුගියදා මෙම ගෑස් නෞකාව කොළඹ වරායට පැමිණි අතර එහි ඇති ගෑස්වල සාම්පල පරීක්ෂාවක් අදාළ අංශ විසින් සිදු කෙරුණා.

මෙම ගෑස් තොගයේ ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය නිසි ප්‍රමිතියෙන් යුක්ත බවට අනාවරණ වී ඇතත් ගෑස්වල ගඳ සුවඳ හඳුනාගැනීමට යොදන එතිල් මර්කැප්ටන් සංයුතිය නිසි මට්ටමට නොමැති බවට තහවුරු කරගත් බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.