Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

2021 LPL තරඟාවලියට සීමිත ප්‍රේක්ෂක පිරිසකට සහභාගී වීමට අවසර

By News Team on November 23rd, 2021 in Sport

ලබන මස පැවැත්වෙන LPL තරඟාවලිය සඳහා සීමිති නරඹන්නන් පිරිසක් ක්‍රීඩාංගණය වෙත පැමිණීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම කටයුතු සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පියවර ගැනීමට සුදානම් බවයි.

LPL තරඟාවලියේ දෙවන අදියර ලබන 05 වනදා සිට 23 දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර දැන් පැවැත්වෙන කොදෙව් පිළට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහාද සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර දී ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.