Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දින කිහිපයකට පසු දෛනික ආසාධිතයින් වාර්තා වීමේ අඩුවක්

By News Team on September 2nd, 2021 in Local

ඊයේ (01) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 3828ක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 444130ක් දක්වා ඉහළ ගියා.

58729ක් මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 376216ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (01) දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 215ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 9400ක් දක්වා ඉහළ ගියා.