Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සජබ විරෝධතාව සංවිධානය කළ අයට එරෙහිව නීතිමය පියවර ගන්නවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

By News Team on November 17th, 2021 in Local

ඊයේ (16) කොළඹ පැවැති විරෝධතා පාගමනට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් කරමින් තොරතුරු දුන් පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් විසින් කුරුදුවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියා සිටියේ අදාළ සැකකරු මානසික රෝගයකින් පෙලෙන අයෙක් බවයි.

අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මේ අතර කොළඹ ඊයේ (16) පස්වරුවේ පැවැති විරෝධතා පාගමනක් සංවිධානය කළ පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් මහජනතාව ඒකරාශී කරවීමේ චෝදනා මත මෙලෙස නීතිමය පියවර ගන්නා බවයි.