Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දිගින් දිගටම අභියෝග කළහොත් දැඩි පියවර ගන්න පසුබට වෙන්නේ නැහැ – අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්

By News Team on September 9th, 2021 in Local

මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් දිගින් දිගටම ආණ්ඩුවට අභියෝග කළ හොත් දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් M. D. S. P. නිවුන්හැල්ල මහතා පවසනවා.

අද (09) පෙරවරුවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියා.

පොළොන්නරුවේ නමගිය සහල් ව්‍යාපාරිකයන් කීපදෙනා ශ්‍රී ලංකාවේ සහල් ඉල්ලුමෙන් සියයට 16 ක් වැනි සුඵ ප්‍රමාණයක් සපයන අතර ඉන් වැඩි සහල් ප්‍රමාණයක් සම්බා සහ කීරි සම්බා සහල් බව පැවසූ මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා සහල් සැපයුමේ ඉතිරි සියයට 84 පිළිබඳව රජය දැඩි විශ්වාසයෙන් කටයුතු කරමින් සිටින බව සඳහන් වනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සහල් සැපයුමේ ප්‍රශ්නයක් පසුගිය දින කීපයේ පැවතිය ද සතොසට සහල් ලැබීමත් සමඟ මේ වන විට එවැනි ප්‍රශ්නයක් නොමැති බවත් මහාපරිමාණ ව්‍යාපාරිකයන් ජනතාව බියගැන්වීමේ ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවක්ය.