Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දිස්ත්‍රික්ක 06ක් සඳහා පැනවූ නාය යෑමේ අනතුරු ඇඟවීම් අද සවස 06 තෙක් දීර්ඝ කෙරේ

By News Team on October 6th, 2021 in Local

වර්ෂා කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 06ක් සඳහා පැනවු නාය යෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනය අද (06) පස්වරු 06 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ බුලත්සිංහල හා රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා අදියර දෙක යටතේ අවධානයෙන් සිටීමේ නිවේදන නිකුත් කිරීමටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, යක්කලමුල්ල, නාගොඩ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට හා රුවන්වැල්ල හා මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා අදියර 01 යටතේ අවධානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තවද රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැලියගොඩ, ඇලපාත, ඉඹුල්පේ, කිරිඇල්ල, කුරුවිට, නිවතිගල සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද එම අවධානම් නිවේදනයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.