Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

කුසල් ජනිත්ට කොරෝනා ආසාධිත වෙයි

By News Team on August 16th, 2021 in Sport

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක ආරම්භ පිතිකරු කුසල් ජනිත් පෙරේරාහට කොරෝනා ආසාධිත වී ඇති බව හඳුනා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව තහවුරු කළා.

මේ අනුව කුසල් ජනිත් හට එළඹෙන දකුණු අප්‍රිකා තරඟාවලිය ද ක්‍රීඩා කිරීමද අවිනිශ්චිත මට්ටමක පවතින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා වන්නේ.

පසුගිය මාසයේ එංගලන්ත තරඟ සංචාරයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු නිමා වූ ඉන්දීය තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට හැකි වුයේ නැහැ.

ආබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කර තිබෙන ආරාධිත පන්දුවාර 20යි 20 තරඟාවලියෙන් ද ඔහුව විවේක ගැන්වීමටයි කටයුතු කර තිබුණේ.

ආබාධ සුව වීමත් සමග ඔහු පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර සිදු කළ PCR පරීක්ෂණයකිනුයි කුසල් ජනිත්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත්තේ.