Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොතලාව පණත ක්‍රියාත්මක කිරීම නුසුදුසුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

By News Team on July 29th, 2021 in Local

කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාල පණත ක්‍රියාත්මක කිරීම නුසුදුසු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව ප්‍රකාශ කළා.

මෙම පණතේ ඇතුලත් කරුණු මඟින් සිදුවිය හැකි හානි කරුණු 07ක් යටතේ සාකච්ඡාවට ගනිමින් එම සංගමයේ සියලු ශාඛා සමිති සහ මධ්‍යම කාරක සභාව එක්ව අදාළ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.