Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉවත් වුණු කැටගොඩ ආයෙත් පාර්ලිමේන්තුවට එයි

By News Team on September 21st, 2021 in Local

ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස අද (21) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධූරය සදහායි ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන කටයුතු කළේ.

මේ අතර අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමේ නිවේදනයද පාර්ලිමේන්තුවේ මහලේකම් දම්මික දසනායක මහතා අද (21) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී සභාවට ඉදිරිපත් කළා.