Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජනපතිගේ තීරණ නිසා කෙහෙළියට ඇමතිකම එපා වෙයි

By News Team on October 25th, 2021 in Local

ඖෂධ සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගත් තීන්දුව තවත් මසකින් කල් දමන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ මෙම තීන්දුවත් සමඟ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැඩි අපහසුතාවයට මුහුණ දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ඉල්ලා අස්වීමට බලපෑ ආසන්නම හේතුව සෞඛ්‍ය ඇමතිවරයා සමඟ ඇති කරගත් මත ගැටුමක් බවයි.

කෙහෙළිය රඹුක්වැල්ලගේ පාර්ශවය ජනාධිපතිවරයාගේ මෙම තීරණය ගැනීමට පෙර ජය ගෙන තිබුණත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම හමුවේ තත්ත්වය වෙනස් වී ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර තොරතුරු වැඩිදුරටත් වාර්තා කරනේ මේ තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය තනතුරින් ද ඉවත්ව යාමේ වාතාවරණයක් මතුව ඇති බවයි.