Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ආණ්ඩුව ගුරු වෘත්තීය හෑල්ලුවට ලක් කර ඇති බවට ජවිපෙන් චෝදනාවක්

By News Team on October 14th, 2021 in Local

ගුරුවරයෙක් ලෙස තමන්ගේ වෘත්තීය ආත්මාභිමානය පවත්වාගෙන පාසලට ගොස් දරුවන්ට ඉගැන්වීම් කළ නොහැකි පරිදි ගුරු භූමිකාව ආණ්ඩුව හෑල්ලුවට ලක් කිරීමට කටයුතු කර ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ගුරු ගැටළු සඳහා සාධාරණ විසදුම් ලබා දෙමින් පාසල් අධ්‍යාපනය නැවතත් යථාවත් කිරීම ආණ්ඩුවේ වගකීමක් බවයි.