Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජුලි 06 ශ්‍රී ලාංකීය දේශපාලනයේ වෙනස් වෙන ලකුණු – බැසිල් දියවන්නා තරණය කරන මෙහෙයුම මෙන්න

By News Team on June 25th, 2021 in Exclusive Story

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වනදා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

ඔහු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීමෙන් අනතුරුව එදින සවස ඔහු මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ වන විටත් මුදල් අමාත්‍යධුරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ලබනවා.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා සඳහන් කරන්නේ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම අවස්ථාව ලබාදෙමින් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවයි.

ඇමති ධුරයේ දිවුරුම් දීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා පෙට්‍රල් මිළ රුපියල් 5ත් 7ත් අතර ගණනකින් සහ ඩීසල් මිළ රුපියල් 3ත් 5ත් අතර ගණනකින් අඩු කරනු ඇති බව වාර්තා වනවා.

2010 – 2015 මහින්ද රාජපක්ෂ සමයේ බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය දරනු ලැබුවා.

කෙසේ වෙතත් ඊයේ (25) ඔහු අමෙරිකාවේ සිට යළිත් ශ්‍රී ලංකාවට පැමිණිමෙන් අනතුරුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නිරෝධායන සඳහා යොමු කර තිබෙනවා.