Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ගැන ජපානය සහ යුනිසෙෆ් සංවිධානයෙන් පැසසුම්

By News Team on August 26th, 2021 in Local

ශ්‍රී ලංකාවේ සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා වේගවත් හා සාර්ථක ලෙස සිදුවන බව ජපානය සහ යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

කොවැක්ස් වැඩසටහන ඔස්සේ ජපන් ආධාර යටතේ යුනිසෙෆ් සංවිධානය සහ ජපන් තානාපති කාර්යාලය එක්ව මෙරට සෞඛ්‍ය සේවාව සඳහා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවේදී මෙම අදහස් පළවුණා.

ජපන් රජය විසින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට පසුගිය වසරේදී පමණක් ඩොලර් මිලියන 16.2 ක මුදලක් වැය කර ඇතැයිද ඉදිරියේදීද මෙරට සෞඛ්‍ය සේවාව සඳහා ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙන බවද ශ්‍රී ලංකාවේ ජපන් තානාපති සුගියාමා අකිරා මහතා එහිදී සඳහන් කලා.

මෙරට සෞඛ්‍ය සේවාව නගාසිටුවීම සඳහා දිගු කලක සිට ජපානය සහයෝගය ලබාදෙන බවද පවතින කොවිඩ් මර්දනයේදී එම සහයෝගය වඩාත් ඉහළ මට්ටමින් වර්තමානයේ ලබා දෙන බවද තානාපතිවරයා කියාසිටියා.