Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

යුරෝ කුසලානය ඉතාලිය දිනා ගනී

By News Team on July 12th, 2021 in Sport

යුරෝ කුසලාන පාපන්දු කිරුළ දිනා ගැනීමට ඉතාලිය ඊයේ (11) සමත් වුණා.

වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟයේ දී ඔවුන් අතින් පරාජයට පත්වුණේ සත්කාරක එංගලන්ත කණ්ඩායමයයි.

නියමිත විනාඩි 90ක කාලයක් අවසන් වන විට කණ්ඩායම දෙකම එක් ගෝලය බැඟින් ලබා සම තත්ත්වයේ පසුවූ අතර අතිරේක කාලයේ දී දඬුවම් පහර මඟිනුයි තරඟයේ ජය තීරණය කෙරුණේ.

ඒ අනුව ඉතාලිය 03ට 02ක් ලෙස ලබාගනිමින් තරඟය ජය ගනු ලැබුවා.