Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යන්න මන්ත්‍රීවරුන්ට වාහන දෙන්න කාලය හරි – මන්ත්‍රී සාගර කාරියවසම්

By News Team on October 26th, 2021 in Local

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කිරීම සම්බන්ධ තීරණය යළි සලකා බැලීමට කාලය එළැඹ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

ඊයේ (25) පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ.

එහිදී ඔහු කියා සිටියේ රජය විසින් මේ වන විට කොරෝනා මර්ධන කටයුතු සාර්ථක ලෙසින් සිදු කරමින් පවතින බවයි.

ඒ හේතුවෙන් සීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට මීළඟ පියවර ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි මහ ලේකම්වරයා කියා සිටියේ.

ජනාධිපති මන්දිරයේ දී පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කළා.