Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අලුතින් ආයෝජන මණ්ඩලයට ගත් හතකට සුපිරි වැටුප් දී ඇති බව කෝප් කමිටුවේදී හෙළි වෙයි

By News Team on November 12th, 2021 in Exclusive Story

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නිලධාරීන් 29 දෙනකු බදවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ ඇස් වසා අනුමැතිය ලබාගෙන ඉන් හත් දෙනකු අධික වැටුප්වලට දැනටමත් බඳවා ගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පවසයි.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ලෙස දෙදෙනකු බඳවා ගෙන ඇති අතර මේ දෙදෙනාට රුපියල් දාහත් ලක්ෂ අනූදහසක් මාසිකව ගෙවන බවද එම කමිටුව සඳහන් කරයි.

මෙයට අමතරව විධායක අධ්‍යක්ෂකවරුන් සිවු දෙනකු සඳහා රුපියල් තිස් එක් ලක්ෂ අසූදහසක් ගෙවා ඇති අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු රුපියල් අට ලක්ෂ විසිදහසක මාසික වැටුපකට බඳවා ගෙන ඇතැයිද සඳහන් වේ.

මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක උපදේශකවරියක ලෙස බඳවා ගෙන 2020-2021කාලයේදී රුපියල් කෝටියකට වැඩි මුදලක් ඇයට ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද කෝප් කමිටුවේදී ඊයේ දීර්ඝව සාකච්ඡා කෙරිණ.

ඇයට එක් මාසයකදී ගෙවා ඇති වැටුප රුපියල් ලක්ෂ 10 ක් බවද වැඩිදුරටත් හෙළි විය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තිබියදී මේ ආකාරයට වැටුප් ගෙවීම බරපතළ ගැටලුවක් බවත් මේ පිළිබඳව වහාම සොයා බැලීමට කටයුතු කළ යුතු බවත් මහාචාර්ය චරිත හේරත් මහතා එම කමිටුවේදී ප්‍රකාශ කර ඇත.

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න – ලංකාදීප